Health
රෝග රැසකට බලපාන වර්ණ ගැන්වූ මිරිස් කුඩු
රතට රතේ දිස්වන මස් කැබැල්ලක් මාඵ ඇඹුලතියල් කැබැල්ලක දිව පිනවන රස බලන්නට නම් මිරිස් තුනපහ පදමට තිබිය යුතුමයිග මිරිස් දැවිල්ල වුණත් ආහාරයට තිබිය යුතු ම දෙයක් ග විශේෂයෙන්ම මිරිස් වල විටමින් සි තිබෙනවාග
ඇත්තටම අපි පරිභෝජනය කරන මිරිස් අනර්ඝ වර්ගයේ ඒවාදරෑ ඇතැමුන් පවසනවා මිරිස්වලට වෙනත් නුසුදුසු ද්‍රව්‍ය කලවම් කරනවා කියාලා එහි සත්‍යයක් තිබෙනවාදරෑ
ඇතැම් මිරිස් කුඩු සඳහා පාන් පිටිල විස්කෝතු කුඩුල ලුණු කුඩුල සහල් කුඩු ඉතා සියුම්ව අඹරා එක්කොට තිබෙන බව සත්යදරෑ
මිරිස් කුඩු වර්ණ ගැන්වීම සඳහා ශරීරයට ඉතා විෂ සහිත වර්ණකද ඇතැම්විට යොදන බව පරික්ෂණවලින් හෙළි වි තිබෙනවාගග
වර්ණ ගැන්වූ මෙම මිරිස් කුඩු පාරිභෝගිකයා දුටු පමණින් නොමඟ යවන සුලු ලෙස ඉතා සියුම්ව අසුරා වෙළෙඳපොළට යොමුවීම නිසා බොහෝ පාරිභෝගිකයින් රැවටෙනවාග
රෝග රැසකට මඟ පාදන මෙවැනි මිරිස් කුඩු හඳුනාගැනීම වඩාත් වැදගත් වන්නේ පාරිභෝගිකයාට නුසුදුසු මිරිස් කුඩු භාවිතය නිසා ඇතිවිය හැකි සෞඛ්‍යමය ගැටලු බොහෝ නිසයි
මිරිස් කුඩු සහ කෑලි මිරිස් සඳහා එක් කරන බාහිර ද්‍රව්‍ය මොනවාද යන්න අන්වීක්ෂ පරික්ෂාවකට ලක් කිරීමෙන් සොයා ගත හැකියිග
විශේෂයෙන් මිරිස් කුඩු සඳහා තිරිඟු පිටිල හාල් පිටි වැනි ද්‍රව්‍ය එක් කිරීම නිසා මිරිස් කුඩුවල පැහැය වෙනස් වෙනවාග එසේ වෙනස් වන පැහැය රැක ගැනීම සඳහා විවිධ වර්ණක යොදනවාග මෙම වර්ණක ශරීරයට බොහෝ විෂ සහිත ඒවා විය හැකියිග
සැක සහිත මිරිස් කුඩු සාම්පල ලබා ගැනීමෙන් පසු එම මිරිස් කුඩු හොඳින් දහනය කරනවාග දහනය වූ මිරිස් කුඩු හොඳ තත්ත්වයේ පවතී නම් එහි අළු බර 8්‍ර තිබිය යුතුයිග මෙම පැවතිය යුතු සාමාන්‍ය බර විශාල ලෙස අඩුව ඇත්නම් එම මිරිස් කුඩු සඳහා යම් පිටි වර්ගයක් එක් කර ඇතැයි සැක කළ හැකියිග ඊට හේතුව දහනයේදී පිටි සම්පූර්ණ දහනය වීමකට ලක් වීමයිග
මිරිස් කුඩු දහනය කිරීමෙන් පසු ලැබෙන අළුවල බර 8්රට වඩා වැඩි නම් :10්‍ර - 12්‍ර- එහි ලුණු හෝ වැලි අඩංගු වෙනවාග එවැනි අළු සහිත මිරිස් කුඩු සාම්පලයක් අම්ල ද්‍රාවනයක නටවා අළු රහිත පෙරහනයකින් පෙරා ගැනීමෙන් පසු දහනය කළ විට වැලි පමණක් ඉතුරු වෙනවාග
එහි බර මැන ගැනීමෙන් වැලි කොපමණ ප්‍රමාණයක් මිරිස් කුඩුවලට එක් කර ඇත්දැයි සොයා ගත හැකියිග
අම්ල ද්‍රාවනයක සෝදා ගැනීමේදී ලුණු සේදී යන නිසා එහි බරක් සටහන් වන්නේ නැහැග එවැනි අවස්ථාවකදී එයට ලුණු එක්කර ඇතැයි තහවුරු කරගත හැකි වෙනවාග
පරිභෝජනයට සුදුසු තත්ත්වයේ මිරිස් කුඩුවල තෙතමනය 12්‍රකට වඩා අඩුවිය යුතුයිග
මිරිස් කුඩු මිලදී ගැනීමේදී ඔබ කළ යුතු දේරෑ
මිරිස් කුඩු මිලදී ගැනීමේදීල මිරිස් කුඩු ස්වල්පයක් දිව ගා බැලිය හැකියිග එවිට එහි සැර අඩු නම් හෝ ලුණු රසයක් ඇත්නම් ඊට ලුණු සහ වෙනත් යමක් එක්කර තිබෙනවාග
මිරිස් කුඩු හොඳින් වේලුණු කඩදාසියකට දමා ටික වේලාවක් තැබීමෙන් පසු කඩදාසියේ සාමාන්‍ය තෙල් සහිත බවක් පෙන්නුම් කරයි නම් එවැනි මිරිස් කුඩු නියමිත තත්ත්වයේ පවතිනවාග
මිරිස් කුඩු අන්වීක්ෂ පරීක්ෂාවකට
මිරිස් කුඩුවලට ආවේනික අන්වීක්ෂ ව්‍යුහයක් පවතිනවාග එම ව්‍යුහයට අමතරව වෙනත් ව්‍යුහයක් දක්නට ඇත්නම් එයට වෙනත් යමක් එකතු කර ඇත්දැයි යන්න සොයා ගත හැකියිග
නොමේරූ මිරිස් වේලා කුඩු කිරීමෙන් ලැබෙන අව පැහැය මඟහරවා ගැනීම සඳහා වර්ණක මිරිස් කුඩුවලට එක් කරනවාග පිළිකා කාරක වර්ණක පවා මිරිස් කුඩුවලට එක් කළ හැකියිග මිරිස් කුඩු සඳහා යොදන කුමන වර්ගයක වර්ණකයක් වුවත් රසායනාගාරයේදී වෙන්කොට හඳුනාගත හැකි වෙනවාග
මිරිස්වල තෙතමනය 12්රට වඩා වැඩි වීම නිසාත් තෙල් සහිත බව නිසාත් මිරිස් කුඩු මත කල්යාමේදී පුස් :දිලීර- ඇති වෙනවාග මේ නිසා ඇතිවෙන රසායනික ක්‍රියාවලිය හේතුවෙන් විෂ සහිත රසායනික ඇති කළ හැකියිග
ඇස්පරිලස්ෆ්ලේවර්ස් හා ඇස්පරිලස් පැරසිටිකස් යන විෂ සහිත දිලීරයන් මිරිස් කුඩු මත වර්ධනය වීමෙන් ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරක විෂ රසායනිකය සෑදෙනවාග මේ නිසා මිරිස් කුඩු හෝ කෑලි මිරිස්ල මිරිස් කරල් මිලදී ගැනීමේදී දිලීර :පුස්- ඇත්දැයි හොඳින් පරීක්ෂා කළ යුතුයිග
මිරිස්වල පවතින දිලීර :පුස්- සෝදා හැරිය ද අධික තාපයකට ලක් කළ ද ඇෆ්ලටොක්සීන් නැමැති විෂ රසායනිකය ඉවත් කළ නොහැකියිග මේ නිසා අපිරිසුදු මිරිස් භාවිතය ඉතාම අවදානම් සහිත වෙනවාග
කෘමීන් හානි කළල කැඩී බිඳී ගිය හෝ අව පැහැ ගැන්වුණු මිරිස් කරල් කල් ඉකුත් වූ ඒවා විය හැකියිග එමෙන්ම මිරිස් නටු කොටස් වැඩිපුර ඇති අපද්‍රව්‍ය වැඩියෙන් ඇති මිරිස් මිලදී නොගත යුතුයිග දීප්තිමත් රතු පැහැ මිරිස් කරල් පරිභෝජනයට සුදුසු ඒවා බව කිව හැකියිග
පරිභෝජනයට නුසුදුසු මිරිස් කුඩු හා කරල් වෙළෙඳපොලේ බහුලව පවතින නිසා ඒවා මිලදී ගැනිමේදී පාරිභෝගිකයා ඉතා පරෙස්සම් විය යුතුයි
curtesy :
dinamina.lk